දේශීය

කොවිඩ් බලපෑමෙන් STF කඳවුරු 3 ක් හුදකලා කරයි

(UTV | කොළඹ) – කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් -19 වෛරස ව්‍යප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කැළණිය, කලුබෝවිල සහ රාජගිරිය යන පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03 මෙලෙස හුදකලා කිරීමට තීරණය කර තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් 56 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 183 දෙනෙකුට මේ වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

 

Related posts

කින්නියා සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

‍ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් ශ්‍රී ලංකාවට

Editor O

චමින්ද ලක්ෂාන්ට යුක්තිය ඉල්ලා රඹුක්කන විරෝධතා

Mohamed Dilsad

Leave a Comment