දේශීය

ආනමඩුව රථවාහන පොලිස් ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

(UTV |පුත්තලම) –  හදිසි වැටලීමකට යමින් සිටි ආණමඩුව පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිතිවරයා රිය අනතුරකින් මිය ගොස් තිබේ.

ඒ ආණමඩුව නගරයේදීය.

එහිදී දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා ප්‍රතිකාර සදහා ආණමඩුව රෝහල් ගත කර තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක (අවු:38) නම් අයෙකි.

එක් දරු පියෙකු වන ඔහු නිකවැරටිය , ඉහළගම පදිංචිකරුවෙකි.

අනතුරින් තුවාල ලබා ඇති පොලිස් පරීක්ෂක මධුරංග යන අය ප්‍රතිකාර සදහා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

අනතුරට පත්ව ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ රාත්‍රීයේ ආණමඩුව පොලිස් ස්ථානය තුළ පොරොත්තු රාජකාරියේ නිරතව සිට ඇත.

කොට්ටුකච්චිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් ලොරි රථයකට හොර රහසේ හරක් පටවන බවට වූ තොරතුරක් ආණමඩුව පොලීසියට ලැබී තිබේ.

ඒ වන විට ආණමඩුව පොලීසියට අයත් ජංගම රථය වෙනත් රාජකාරියක් සදහා පිටත්ව ගොස් තිබී ඇති නිසා තම පුද්ගලික මෝටර් රථයෙන් එම ස්ථානයට යාමට මිය ගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර තිබුණා.

එහිදී ඉදිරියට පැමිනෙමින් තිබූ සැක සහිත ලොරිය පසු පස තමන් පදවාගෙන පැමිණි මෝටර් රථය ආපසු හරවා ගෙන ලුහු බදින්නට මිය ගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇති අතර වේගයෙන් ගමන් කර ඇති මෝටර් රථය ලිස්සා ගොස් ආණමඩුව නගරය තුළ ඇති ඔරලෝසු කණුවේ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.

Related posts

දේශපාලන පක්ෂ 06ක් අක්‍රීය කරයි.

Editor O

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජලය නැහැ

Mohamed Dilsad

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය වන්නියට ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Editor O

Leave a Comment