දේශීය

පානදුර වෙරළට තල්මසුන් ගොඩ ගැසීමට හේතුව සොයාගනී

(UTV | කළුතර) – පානදුර වෙරළට තල්මසුන් විශාල සංඛ්‍යාවක් ගොඩ ගැසීමට හේතුව සාගර ජලයේ ශබ්ද දූෂණය බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් කුමාර මහතා සදහන් කළේ සාගර ජලය දූෂණය මෙන්ම ශබ්ද දූෂණය හේතුවෙන් සංවේදි ජලජ ජීවින්ට පීඩාවන බවයි.

පානදුර වෙරළ තීරය වෙත පෙරේදා (02) දිනයේ දී තල්මසුන් 100 ක පමණ සංඛ්‍යාවක් ගොඩට ගැසීය.

මෙම තල්මසුන් නිරුපද්‍රිතව නැවතත් ගැඹුරු මුහුද වෙත රැගෙන යැම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව,වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදා ජීවිතාරක්‍ෂක නිලධාරීන්, පොලිස් ජීවිතාරක්‍ෂක කණ්ඩායම්, ස්වේච්ඡා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.

මෙම ගොඩගැසීමේදී වාතයට නිරාවරණය වූ මසුන් 4 ක් මියගොස් තිබුණි.

 

 

Related posts

කොවිඩ් අවදානම නිසා නගර 3ක සියලු වෙළෙඳසැල් වසාදැමේ

Mohamed Dilsad

අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට සති අන්තයේදී කොවිඩ් එන්තත්

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන්ගේ විවාදය අද

Editor O

Leave a Comment