විදෙස්

ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන් 50,000 ක් වාර්තා වෙයි

(UTV | ඉන්දියාව) – අද පෙරවරුවේ අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 50,210 ක් වාර්තා  වී ඇති අතර , එය පෙර දිනට වඩා 8.5 % ක වැඩිවීමක්.

ඒ අනුව, ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 8, 364,000 ඉක්මවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ , මේ වනවිට ආසාදිතයන් 7, 656, 000 ක් සුවය ලබා ඇති අතර, සුවය ලැබීමේ ප්‍රතිශතය 92 % ඉක්මවන බවයි.

මේ අතර, කොරෝනා වෛරස් ගෝලීය වසංගත හේතුවෙන් විදේශයන්හි රැදී සිටි ඉන්දියානුවන් විසිනව ලක්ෂයකට වැඩි පිරිසක් මේ වනවිට සිය රට ගෙන්වාගෙන ඇති බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පූරි සඳහන් කළේය.

 

Related posts

කටාර් අර්බුදය සම්බන්ධයෙන් රුසියානු හැකර්වරුන් ගැන සැකයක්

Mohamed Dilsad

සියලු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් ඉවත්වන්න – වෙනිසියුලානු ජනාධිපති

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කිසිදු ඉඩක් නෑ.පිලිපීන ජනාධිපති කියයි

Mohamed Dilsad

Leave a Comment