ගොසිප්

ළමා රෝහලේ ළමුන් 20කට කොරෝනා

කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

ඒ අතර කුඩා ළමුන් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු වේ.

මේ අතර රෝහලේ වෛද්‍යවරයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට ද ඊයේ (05) දිනයේ හඳුනා ගැනුණි.

කෙසේවෙතත් එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ රෝහල තුළින් නොවන බව පසුව අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමට අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් ප්‍රතිකාර කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිදුවන කෙරෙන බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

Related posts

බැසිල් පාර්ලිමෙන්තු එන අලුත් දිනය මෙන්න…

Mohamed Dilsad

ළමා අපයෝජනයක් සිදුකළ කොළඹ සහකාර විදුහල්පතිවරයෙකු අල්ලයි

Mohamed Dilsad

මංගල උත්සවයකින් කොරෝනා පැතිරෙයි

Mohamed Dilsad

Leave a Comment