දේශීය

නිවෙසටම ඖෂධ බෙදා හැරීමේ ක්‍රියාවලිය අද සිට දිවයින පුරා

(UTV | කොළඹ) – සායනවල ලියාපංදිචි වූ රෝගීන්ට නිවෙසටම ඖෂධ බෙදා හැරීමේ ක්‍රියාවලිය අද සිට රට පුරා ක්‍රියාත්මක කෙරෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙතෙක් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කෙරුණේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්වල පමණක් බවයි.

පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් බෝ නොවන රෝගීන් සායනවලින් ලබා ගන්නා ඖෂධ නිවසට ලබාදීම සඳහා හඳුන්වාදුන් වැඩපිළිවෙල ඒ් අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේය.

Related posts

රටවල් කීපයක සිට අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

සුරාබදු නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාරයක්

Mohamed Dilsad

ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment