දේශීය

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසේ

(UTV |කොළඹ) – මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පානදුර දක්වා එක් මාර්ගයක් තාවකාලිකව වසා දමා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද, හෙට සහ අනිද්දා යන දින තුනෙහි මෙලෙස එම මාර්ග කොටස වසා දමා ඇත.

ඊට හේතුව කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර මාර්ගයේ සිදුකරන හදිසි ඉදිකිරීම් කටයුත්තකි.

මේ හේතුවෙන් දුම්රිය කිහිපයක් ධාවනය නොකෙරෙන බවත් ඒ සඳහා කොළඹ කොටුවේ සිට ක්‍රියාත්මක වන පරිදි පානදුර දක්වා විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර ඇති බවත් දුම්රිය මගීන්ට දැනුම් දෙයි.

මේ අනුව පෙරවරුවේ කොළඹ කොටුවේ සිට පානදුර සහ මොරටුව දක්වා බස් සේවාවක් ක්‍රියාත්මක කෙරේ.

රඹුක්කන, හලාවත, ගනේවත්ත, පොල්ගහවෙල, මහව සහ පුත්තලම සිට ගල්කිස්ස, මොරටුව, පානදුර සහ රත්මලාන දක්වා ගමන් ගන්නා දුම්රිය කොළඹ කොටුව දක්වා පමණක් ධාවනය කරයි.

ඉන් අනතුරුව එම දුම්රියෙහි පැමිණි මගීන්ට කොළඹ කොටුවේ සිට අදාළ ගමනාන්ත දක්වා යොදවා ඇති විශේෂ බස් සේවාව භාවිත කළ හැක.

තවද පස්වරුවේ පානදුර, ගල්කිස්ස, මොරටුව ප්‍රදේශයේ සිට කොළඹ කොටුව දක්වා බස් රථ සේවාව ක්‍රියාත්මක වන අතර පුත්තලම, පොල්ගහවෙල,හලාවත සහ රඹුක්කන දක්වා ගමන් ගන්නා දුම්රියවලට අදාළ බස් රථවලින් පැමිණ කොළඹ කොටුවේදී ඇතුලු විය හැකි බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ජනපතිගෙන් ජාතියට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

සෞඛ්‍ය නීති කඩ කළොත් යළි හුදෙකලා කරන්න සූදානම්

Mohamed Dilsad

පීඩාවට පත් ජනතාවට සහන සලසන්න, විපක්ෂ නායක සජිත් පෙු්මදාස මහතා, ලෝක බැංකු නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක

Editor O

Leave a Comment