විදෙස්

රුමේනියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක හටගත් ගින්නකින් 10 ක් මරුට

(UTV | රුමේනියාව) – රුමේනියාවේ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් පිරිසක් බරපතල තුවාල තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මෙම ගින්න හටගෙන ඇත.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බරපතල පිළිස්සුම් තුවාල ලැබූවන් අතර රෝගීන් බේරා ගැනීමට ගිය වෛද්‍යවරයෙකුද ඇතුළත් වන අතර , රෝහලේ සිටි කොරෝනා ආසාදිත රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කර යවා ඇති බව රුමේනියා වාර්තාවල සඳහන් වෙයි.

 

Related posts

ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

දකුණු කොරියාවේ ගොඩබාමින් තිබූ ගුවන් යානයක් තාප්පයක ගැටී 62 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

ඊශ්‍රායල වෙළඳ කටයුතු සඳහා පැනවු සීමාවන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment