ක්‍රීඩා

ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා මිකී ආතර් කණ්ඩායමක් තෝරාගනී

(UTV | කොළඹ) – ලබන දෙසැම්බර් මස 26 වැනිදා දකුණු අප්‍රිකාවේදී ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ජාතික පුහුණුකරු මිකී ආතර් මහතා කණ්ඩායමක් තෝරාගෙන ඇතැයි වාර්තා වේ.

ජාතික තේරීම් කමිටුවකින් තොරව ජාතික කණ්ඩායමක් තෝරාගත නොහැකි නමුත් දෙසැම්බර් මස 20 වැනිදා ආරම්භ වන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා පුහුණුවීම් කිරීමේ අටියෙන් මිකී ආතර් මහතා විසින් ක්‍රීඩකයන් 22 ක සංචිතයක් තෝරාගෙන ඇතැයි ද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩා පනතේ නීති රීතිවලට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව සංචිත තේරීමේ බලය ජාතික තේරීම් කමිටුවට පමණක් හිමිවේ.

එහෙත් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතාගේ සෘජු මැදිහත්වීමෙන් මෙම සංචිතය තෝරාගෙන ඇති බව දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ජාතික තේරීම් කමිටුව මේ දක්වා නිල වශයෙන් ලැබී නොමැති බවත් බංග්ලාදේශ සංචාරයට නම් කළ සංචිතය දකුණු අප්‍රිකානු සංචාරයට ගැලපෙන ආකාරයට වෙනස් කළ බවයි.

තෝරා ගන්නා ලද කණ්ඩායමට වේග පන්දු යවන්නන් හත් දෙනකු සහ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු ඇතුළත් වෙති.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල දෙසැම්බර් මස 17 වැනිදා පිටත්ව යෑමට නියමිත අතර ශ්‍රී ලංකා පිල දෙසැම්බර් මස 20 වැනිදා පුහුණු තුන්දින තරගයක් ආරම්භ කිරීමට නියමිතය.

 

Related posts

ලංකාවට පැමිණි එංගලන්ත ක්‍රීඩකයෙකුට කොරෝනා

Mohamed Dilsad

නවසීලන්තය ට තියුණු ජයක්

Mohamed Dilsad

මැතිව්ස් වාර්තා අතරට

Mohamed Dilsad

Leave a Comment