ව්‍යාපාරික

වාහන ආනයනය ගැන මුදල් අමාත්‍යාංශ කියන දේ

(UTV |කොළඹ)  – මෙරටට මෝටර් රථ ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පැහැදිලි කිරීමක් කරයි,

ඒ අනුව, වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි.

“දැනට, වාහන පිටරටින් ගේන්න අවසරදීම ගැන තීරණයක් අරන් නෑ. පැහැදිළිවම වාහනයක් ද මුළු රටක්ද කියලා තමයි අපි බලන්නේ. අපිට මේ මාස 10ක් විතරම විනිමය අනුපාතය 185 ලෙවල් එකේ තියාගන්න පුළුවන් වුණා. වාහන ගේන්න ඉඩ දුන්නා කියලා කියන්නේ මේක යනවා. මේ රටේ එකලස් කරනවා නම් අපි ඕනම සහයෝගයක් දෙනවා. මෝටර් බයිසිකලයක් හරි එකලස් කරනවා නම් ඒක මේ රටේ ආර්ථිකයට එකතු කරනවා අගයක්. ආනයනය නවත්වනවාම කියලා නෙමෙයි මම මේ කියන්නේ. එහෙම එක්ක බෑ. අපි කරන්නෙත් නෑ. සමහර නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය පිටරටින් ගේන්න වෙනවා. ඒක කරනවා. සමහර නිමි භාණ්ඩ අපි ගේන්නේ නෑ. කහ ගේන්නෙත් නෑ,” යනුවෙන් ඔහු පැවසීය.

ආර්ථිකය ප්‍රසාරණය කිරීමට ඉඩ සලසමින් සියලුම ජනතාව එක්ව සංවර්ධනය කරා යොමුකරවීම ඉලක්ක කර ගනිමින් ලබන වසර සඳහා වන අයවැය ඉදිරිපත්කර ඇති බවද මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාතංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා පැවසුවේය.

Related posts

කොළඹ කොටස් වෙළඳපොල විවෘත කිරීම කල් යයි

Mohamed Dilsad

රුපියල ශක්තිමත් වෙයි

Mohamed Dilsad

සුදු සීනි වලට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment