ගොසිප්

හුදෙකලා කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් ඉදිරි තීරණය

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය වැඩි වශයෙන් ව්‍යාප්තවීමේ අවධානම හේතුවෙන් මේ වන විට හුදෙකලා කර ඇති පොලිස් වසම් තවදුරටත් හුදෙකලා කර තබන්නේද නැති නම් එම පොලිස් වසම්වලින් කොරෝනා ව්‍යාප්තියක් සිදුනොවන ප්‍රදේශයන් හුදෙකලා භාවයෙන් මුදා හරින්නේද යන්න මේ සති අන්තයේදී තීරණය කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.   

කොරෝනා අවදානමක් පවතින ප්‍රදේශවල පමණක් හුදෙකලාව පවත්වාගෙන යෑමටත් අනෙකුත් ප්‍රදේශයන් යළි විවෘත කිරීමට අවධානය යොමු වී ඇති බව ද යුද හමුදාපතිවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් විශ්ලේෂණයන් දිනපතා කරන බවත් , මෙම සති අන්තයේ කරන විශ්ලේෂණයෙන් පසුව අදාළ තීරණය ගන්නා බවද ඒ මහතා කියා සිටියි.

හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ අවදානමක් නොමැතිව ප්‍රදේශ නිකරුණේ හුදෙකලා කිරීමට අවශ්‍ය නොවන බවයි.

 

Related posts

‘ජැක්සන් සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරනවා’

Mohamed Dilsad

පක්ෂ නායකත්වය ගැන රනිල් සජිත් අද සාකච්ඡාවක

Mohamed Dilsad

පෝර්ට් සිටියට ආණ්ඩුව් භික්ෂූන් වහන්සේලාත් පිල් බෙදෙයි

Mohamed Dilsad

Leave a Comment