දේශීය

හුදකලා කර ඇති ප්‍රදේශ රැසක සංචරණ සීමා ඉවතට[RELEASE]

(UTV |කොළඹ) – හුදකලා කර ඇති ප්‍රදේශ රැසක් හෙට අලුයම පහට සාමාන්‍ය පරිදි කරයුතු සඳහා ඇරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව, කොම්පඤ්ඤවීථිය, ජාඇළ සහ කඩවත පොලිස් බල ප්‍රදේශ මෙලෙස පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරේ.

මේ අතර මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඞ්පාස්, වරාය ප්‍රදේශය, ආදුරුප්පු වීථිය, වේල්ල වීථිය, පිටකොටුව, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශවල හුදකලාකිරීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම බොරැල්ල, පොලිස් බල ප්‍රදේශයේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤවීථිය පොලිස් බල ප්‍රදේශයේ වෑකන්ද ග්‍රාමනිලධාරී වසමද තවදුරටත් හුදකලා කර ඇති බවද යුදහමුදාපතිවරයා පැවසීය.

එසේම මීගමුව, වත්තල, පෑලියගොඩ, කැළණිය සහ රාගමද තවදුරටත් හුදකලා තත්ත්වයේ පවති.

තවද බණ්ඩාරගම පොලිස් බල ප්‍රදේශයේ බෝගහවත්ත, බමුණුමුල්ල, කිරිමන්තුඩාව, කෝරාවල, අටළුගම බටහිර, බමුණුමුල්ල මුස්ලිම් සහ ගලගහමණ්ඩිය යන ග්‍රාමනිලධාරී වසම් මේ මොහොතේ සිට හුදකලා කර ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

පාකිස්තාන – ශ්‍රී ලංකා සබඳතා සහ අගමැති ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය – දළ විශ්ලේෂණයක්

Mohamed Dilsad

අලුත් ජාතික හැදුනුම්පතක් අලුත් මිලකට

Mohamed Dilsad

ලෝක සංචාරක දිනය සමරමින් කලම්බෝ ට්‍රැවල්මාර්ට් වන් ගෝල්ෆේස්හිදී උත්කර්ෂවත් ලෙස ඇරැඹේ

Editor O

Leave a Comment