දේශීය

සිසුවෙකුට වෙඩි තැබූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා කරමින් සිටි 17 හැවිරිදි සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා අද(23) රෝහල් ගත කර තිබේ.

පොලිසිය පැවසුවේ එම සිසුවා විද්‍යාල ක්‍රීඩාංගණයේ තවත් සිසුන් කිහිප දෙනෙකු සමග ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව විදුහල අසළ නිවසකට ගොස් ඇති බවයි.

එය ගැනීමට යාමේදී අදාළ නිවසේ සිටි වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයක් ආධාරයෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

මහරගම පොලීසිය විසින් අදාල වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද

Mohamed Dilsad

අස්ගිරි මහානාහිමිගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්

Mohamed Dilsad

කෘෂි නිලධාරීන්ගේ දීර්ඝකාලීන විදේශගතවීම් තාවකාලිකව නවතයි

Mohamed Dilsad

Leave a Comment