දේශීය

නිලධාරිනියකට පහරදුන් ඉංජිනේරුවරයා ඇප මත නිදහස්

(UTV |කොළඹ) – බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ඉංජිනේරුවරයා ඇප මත මුදා හැරේ.

ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පස්වරුවේ ඉදිරිපත් කෙරුණු අතර මෙහිදී අධිකරණය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔහු මුදා හැර තිබේ.

පහර දුන් බව කියන ඉංජිනේරුවරයා අද උදෑසන ගම්පහ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පහර කෑ නිලධාරිනිය විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුවය.

Related posts

අජිත් රෝහණගේ සෞඛ්‍ය තත්ත්වය සහ ව්‍යාජ ඡායාරූප

Mohamed Dilsad

තාරුණ්‍යයට හෙටක් නඩුවෙන් නාලක ගොඩහේවා නිදොස් කොට නිදහස් කෙරේ

Mohamed Dilsad

පවතින කාළගුණය හමුවේ ධීවර ජනතාවට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment