දේශීය

ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – ‘මහරගම සමීර නොහොත්’ නාවුරුන්න ආචාරිගේ රුක්ෂාන් සමීර මදුෂංක නැමැත්තා ගිනිඅවියක් සහ තවත් ආයුධ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ කණ්ඩායමක් විසින් ඊයේ (27) සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු ලාල් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ප්‍රධානතම සාමාජිකයෙකු බවද අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී රුසියාවේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, හඳුනානොගත් 50 සහ 14 ලෙස සඳහන් උණ්ඩ 08ක්, මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 06ක්, මිලිමීටර් 09 වර්ගයේ සරඹ උණ්ඩ 01ක්, අමෙරිකාවේ නිෂ්පාදිත රම්බෝ උල් පිහියක් සහ කඩුවක් තිබී සොයාගෙන ඇති බව පොලීසය පවසයි.

වයස අවුරුදු 35ක් වන සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා පාදුක්ක පොලීසිය වෙත භාරදී තිබේ.

Related posts

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු 16ක් පත් කරයි.

Editor O

සිංහල පුස්කොළපොත් අත්පිටපත් ඩිජිටල්කරණය කෙරේ

Mohamed Dilsad

මහ මැතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment