දේශීය

ඉදිරි පැය 24 තුළ කාලගුණයේ වෙනසක්

(UTV |කොළඹ) – ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රි වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දිශාවට බරව වයඹ දිශාවට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් පවති.

ඉදිරි දින කිහිපයේ දී එය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිවනු ඇත.

උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අංශය සඳහන් කරයි.

Related posts

දේශ​ප්‍රේමී ජනතා ව්‍යාපාරය, රට විනාස කළ විදිය දැන ගන්න බටලන්ද කොමිෂන් සභා වාර්තාව කියවන්න – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

මධ්‍යම පළාතේ අමාත්‍යාංශ දෙකකට නව ‍ප්‍රධානීන්

Mohamed Dilsad

ඉන්දීය බිත්තර මිලියන 92ක් ආනයනයට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment