දේශීය

අද සිට හුදකලා කෙරෙන සහ ඉවත් කෙරෙන ප්‍රදේශ

(UTV |කොළඹ) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ කිහිපයක් අද (30) සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, වෙරළබඩ සහ පිටකොටුව යන පොලිස් වසම් මෙලෙස හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණු බව යුද හමුදාපති ලුතිනන්  පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය තවදුරටත් හුදකලා තත්ත්වයෙන් පවත්වාගෙන ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම යන පොලිස් බලප්‍රදේශ ද හුදකලා තත්ත්වයෙන් ඉවත්කර තිබේ.

කෙසේ වෙතත් මට්ටක්කුලියයාමට තීරණය කර ඇත.

එමෙන්ම වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සද සෙවණ නිවාස යෝජනා ක්‍රමය, සාලමුල්ල සහ විජයපුර යන ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන 05.00 සිට හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පුවීදිය, වේල්ලවීදිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන යන පොලිස් වසම් සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරි වසම මෙන්ම බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස ක්‍රියාත්මක වේ.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, කැලණිය සහ පෑලියගොඩ යන පොලිස් බලප්‍රදේශ තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇතැමුන් කියන කතා අසත්‍යයි – ජනපති

Editor O

වෛද්‍ය සහතික ගන්න ඔන්ලයින් ක්‍රමයට අද සිට දින වෙන් කර ගන්න

Mohamed Dilsad

තමිල්නාඩුවේ නව මහ ඇමැතිවරයා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment