දේශීය

මහර බන්ධනාරයේ ආරක්‍ෂාවට 400ක පොලිස් බල ඇණියක්

(UTV |ගම්පහ) – මහර බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 400 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 200 ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මහර බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ගැටුම්කාරි තත්ත්වයත් සමඟ එහි කටයුතු සොයා බැලීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පෙරවරුවේ පැමිණ තිබේ.

එමෙන්ම, මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

මහර බන්ධනාගාරයේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ 50 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒ අතර මහර බන්ධනාගාරයේ හෙද නිලධාරිවරයෙකු සහ ඖෂධ සංයෝජකවරයෙකු සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තුවාල ලැබූ රැඳවියන් අතරින් වැඩි පිරිසක් බරපතල තත්ත්වයේ පසුවන්නන් බව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා කියා සිටියා.

මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 3000 කට වැඩි පිරිසක් සිටින අතර, ඉන් මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කරන ලද රැඳවියන් මෙම කලහකාරි තත්ත්වය ඇති කළ බව වාර්තා වේ.

රට තුළ පවතින කොරෝනා තත්ත්වයත් සමඟ PCR පරීක්ෂණ සිදුකරන ලෙස සහ නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන ලෙස ඔවුන් බල කර ඇති අතර, ඇතමුන් තමන්ට නිවෙස් වෙත යාමට අවශ්‍ය බව පවසා කලහකාරි ලෙස හැසිරී ඇති බවද වාර්තා වේ.

Related posts

ඇඳිරි නීතිය කඩ කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන් 452ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මඩකලපුව, කොළඹ, ගම්පහ ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කරයි

Mohamed Dilsad

පාකිස්තානයෙන් බාස්මතී ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment