දේශීය

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් එක් බන්ධනාගාරයක් තුළට

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැරදිකරුවන් වී බන්ධනාගාරගත වී සිටින රැඳවියන් පුනරුත්ථාපනය කඩිනම් කිරීමට තීරණය කර ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

බන්ධනාගාර ආශ්‍රිතව පැතිරයන කොවිඞ්-19 වෛරසය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

නීතිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙම වැඩපිළිවෙල කඩිනම් කිරීමට තීරණය කර ඇත.

එවැනි පුනරුත්ථාපන වැඩසටහන් සම්පූර්ණ කළ රැඳවියන් PCR පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායනය කොට කඩිනමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එහිදී උපදෙස් දී තිබේ.

ඒ සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයත්, බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය හා ඒ සඳහා සුදුසු ස්ථාන යොදාගන්නා ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍යාංශය කියා සිටියි.

බන්ධනාගාර තුළ වෙසෙන කොවිඩ් ආසාදිත රැඳවියන් එක් බන්ධනාගාරයක් තුළට යොමුකොට අදාළ සෞඛ්‍ය පහසුකම් ලබාදීම තවත් යෝජනාවක්.

මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ රැඳවියන් 8000 ක් පමණ මේ වනවිට බන්ධනාගාර තුළ සිටින බව රාජ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

බෝ ගස වැඩක් නැතැයි කියන මාක්ස්වාදියෝ යැයි කියා ගන්නා අය පහර දෙන්නේ රටේ සංස්කෘතියට – පූජ්‍ය ඕමාරේ කස්සප හිමි

Editor O

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment