විදෙස්

දිවුරුම් දී පළමු දින 100 තුළ කොවිඞ් එන්නත් මිලියන 100 ක්

(UTV | ඇමරිකාව) – තමා ජනාධිපති ධුරයේ දිවුරුම්දී පළමු දින 100 තුළ කොවිඞ් එන්නත් මිලියන 100 ක් බෙදා හැරීමට අපේක්ෂා කරන බව අමෙරිකාවේ ජනාධිපති ධුර ජයග්‍රාහක ජෝ බයිඩ්න් පවසයි.  

මුල් මාස කිහිපයේදී කොරෝනා වසංගතය ඇමරිකාවෙන් තුරන් කිරීම නොව හැකි පමණ අවම කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කරයි.

මුල් දින 100 තුළදී අනිවාර්යයෙන් මුව ආවරණ භාවිත කරන ලෙසටයි බයිඩ්න් මහතා පසුගියදා ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත අමෙරිකාව තුළ භාවිතයට ඊයේ (08) අනුමැතිය ලබාදී තිබේ.

කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් මිලියන 15ක් පමණ එරටින් හමුවී ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 285,000කි.

 

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් ප්‍රභේදය ආසාධිත මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

ධවල මන්දිරයේ නත්තල් ගස ආලෝකමත් කරයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment