දේශීය

කොවිඩ් මරණ භූමදානය සම්බන්ධයෙන් සොයාබැලීමට අගමැතිගේ ප්‍රධානත්වයෙන් හමුවක්

(UTV | කොළඹ) – කොවිඩ් – 19 වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (10) පැවැත්විය.

වෛරසය මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

දැනට මෙම වෛරසය වැළදී මිය යන පුද්ගලයෙකුගේ දේහ තුළ වෛරසය දින 36ක් පමණ පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත්තේ.

සෞඛ්‍යයට බලපාන කරුණු මුල් කර ගනිමින් ජාතීන් සහ ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියළු ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.

 

 

Related posts

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

මත්පැන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්නන් සම්බන්ධයෙන් විමර්ශණයක්

Mohamed Dilsad

අපයෝජනයට සහ අනාරක්ෂිතභාවයට ලක්වන ළමයින් පිළිබඳ දත්ත පද්ධතියක්

Mohamed Dilsad

Leave a Comment