දේශීය

විදෙස්ගතව සිට නිරෝධායනය අවසන් කළ මගීන්ට නිවේදනයක්

(UTV | කොළඹ) – විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය අවසන් කළ ගුවන් මගීන්ට 2021 ජනවාරි මස 16 වන දින දක්වා කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව ලබා දී ඇත.   

2020 සැප්තැම්බර් 1 වන දින සිට 2020 දෙසැම්බර් 16 වන දින තෙක් කාලය තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති ගුවන් මගීන්ට එම අවස්ථාව හිමි වේ.

ගුවන්තොටුපල යළි විවෘත කර රට තුළට සංචාරකයන් මුදා හරින්නේ සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසුව බව වසංගත රෝග හා කොවිඩ් රෝගය පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කරයි.

ඒ සඳහා වඩාත් සුදුසු වැඩපිළිවෙලක් ගුවන්තොටුපල තුළ සිදුවන බව ද ඇය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කළේ කටුනායක ගුවන්තොටුපලේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ වැඩපිළිවෙල පිළිබද සොයාබැලීම සදහා ඊයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින්.

 

Related posts

සිකුරාදා IMF සාකච්ඡාවට එක්වන රටවල් මෙන්න

Mohamed Dilsad

හෙට සිට දුම්රිය ධාවනය වන්නෙ

Mohamed Dilsad

එක්සත් රාජධානියට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment