දේශීය

සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණවලට “සමගි ජන සන්ධානයෙන්”

(UTV| කොළඹ) – සමගි ජන සන්ධානය නමින් නව ලකුණකින් ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

මෙම යෝජනාව පෙරේදා බණ්ඩාරවෙලදී රැස්වූ සමගි ජන බලවේගයේ විධායක සභාවට ඉදිරිපත්ව ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ විපක්ෂයේ සෙසු පක්ෂ ඒකාබද්ධ කරගනිමින් මෙලෙස නව සන්ධානයක් ගොඩනැගිය යුතු බවටයි.

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථා කෙටුම්පතට ද එම පක්ෂයේ විධායක සභාව අනුමැතිය පළ කර තිබේ.

ඒ අනුව එළඹෙන ජනවාරි 01 වැනිදා සිට නව පක්ෂ ව්‍යවස්ථාව ක්‍රියාත්මක බව විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කළේය.

 

Related posts

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුව අතට

Mohamed Dilsad

ලාංකිකයින් 20ක් යුක්‍රේන – පෝලන්ත දේශසීමාව ආසන්නයට

Mohamed Dilsad

මෙරට කොවිඩ් මරණ 300 ඉක්මවයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment