විදෙස්

බ්‍රසීලයේ ජනතාවට අමතක වූ කොරෝනා

(UTV |බ්‍රසීලය) – ගිම්හානය ඇරඹීමත් සමගම බ්‍රසීලයේ ජනතාවට කොරෝනා පිළිබඳ අමතක වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එරට අගනගරය වන රියෝ ද ජැනයිරෝ හි වෙරළ තීරය ජනතාවගෙන් පිරීගොස් ඇති බව වාර්තා වේ.

එසේ රැස්වී සිටි බොහෝ දෙනා මුව ආවරණ නොපැළඳ සිටි බවත් විදෙස් මාධ්‍ය පවසයි.

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සෝනාරෝ ද කොවිඩ් බලපෑම සැමවිටම නොසලකන අතර එසේම ඔහු කොවිඩ් එන්නත ලබාගැනීම ද ප්‍රතික්ෂේප කළේය.

ලොව කොරෝනා වෛරසය තෙවැනිය ට වැඩිපුරම හමුවන රට බ්‍රසීලය වේ.

මේ වනවිට එරටින් කොරෝනා ආසාදිතයින් මිලියන 7.24ක් හමුවී ඇති අතර පුද්ගලයින් 187,000ක් මියගොස් ඇත.

 

Related posts

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එමීර් රාජ්‍යයේ සංචාරයක් අරඹයි…

Mohamed Dilsad

ඉන්දියාවේ නව ජනපති ලෙස ද්‍රවුපදි මුර්මු අද දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment