(UTV |කොළඹ) – කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමා කරයි.
ඒ අවිස්සාවේල්ල සහ කොස්ගම යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීම හේතුවෙනි.
ඒ අනුව හෙට සිට කඩුගොඩ, කොස්ගම, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන නැවත දැනුම් දෙන තුරු මගීන් සඳහා විවෘත නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.