ගොසිප්

රජයෙන් නත්තලට දුන් ණය සහනය සිහිනයක්ම වෙයි

(UTV | කොළඹ) – නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සෑම පවුලකට 0.625 % පොළියක් යටතේ මාස 10 ක් ඇතුළත ගෙවා නිම කිරීම සඳහා මූල්‍ය ණය රාජ්‍ය බැංකු මගින් ලබා දෙන බව පසුගිය දෙසැම්බර් 16 වන දා ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවයින්ට අදාළ ආයතනයේ ප්‍රධානියා විසින් සහතික කළ නාම ලේඛණය සේවා ස්ථානය අසළ රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කිරීමෙන් එම බැංකු ශාඛාව මගින් සේවකයාගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කරන බව අදාළ නිවේදනයේ පැහැදිලිව සඳහන් කර තිබිණි.

කෙසේවෙතත් මෙම නිවේදනය නිකුත් කර දින කිහිපයක් ගතවන තුරුද අදාළ රාජ්‍ය බැංකු මගින් මෙම මූල්‍ය ණය ලබා දිය යුතු ක්‍රමවේදය පිළිබඳ නිසියාකාරව දැනුවත් කර නොතිබිණි.

සහන පොළියක් යටතේ රජය ලබා දෙන බව පැවසූ මූල්‍ය ණය පහසුකම් ලබා ගැනීමේදී ජනතාවට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබේ.

සෑම පවුලකටම මෙම ණය පහසුකම ලබාදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළ ද, ණය ඉල්ලුම්කරු තවත් අයෙකු වෙනුවෙන් ඇපයක් අත්සන් කර ඇත්නම් මෙම සහන ණය ඉල්ලුම් කළ නොහැකි බව ද ප්‍රධාන රාජ්‍ය බැංකුවක කළමණාකරුවෙකු පැවසීය.

සහන ණය ලබා දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින් ,

 

No photo description available.

 

Related posts

තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා සහ වෛද්‍යවරිය ගැන තේරීම් කමිටුවේ සභාපති කියූ දේ

Mohamed Dilsad

අජිත් බලාපොරොත්තු නොවු කරදරයක

Mohamed Dilsad

පළාත් දෙකකට ආණ්ඩුකාරවරුන් පත් කිරීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment