දේශීය

කොරෝනා සිරුරු භූමදානය ගැන අවසන් තීන්දුව ළඟදීම

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමදානය ට අවසර ලබාදීම පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි දින කිහිපය තුළ ගැනීමට නියමිතය.

මේ සඳහා තීරණයක් ගැනීම අවසන් අදියරට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුවක් විසින් මේ බව රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් පමණක් ඊට මේ වන විට විරෝධය පළ කිරීම හේතුවෙන් අනුමැතිය ලබාදීම ප්‍රමාද වෙමින් ඇතැයි ද සඳහන්.

 

Related posts

සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතයි

Mohamed Dilsad

ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක් වැඩිපුර ගෙවූ සංස්ථා ලොක්කෝ රට පැනලා.

Editor O

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment