දේශීය

බස්නාහිර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 10,000 ඉක්මවයි

(UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටවීමේදී ස්ථාන 11 ක සිදුකෙරෙන හදිසි ප්‍රතිදේහ පරීක්ෂා සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇත.

ඊයේ (28) දිනයේ දී පමණක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 1,359 සිදුකර ඇති අතර, ඉන් ආසාදිතයින් 7 දෙනෙක් හඳුනාගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව පසුගිය 18 වනදා සිට අද අලුයම 06 දක්වා සිදුකල පරීක්ෂාවලදී හඳුනාගෙන ඇති මුලු කොවිඩ් ආසාදිතයන් ගණන 61 ක්.

ඔවුන්ගේ සමීපතමයින් 315 දෙනෙක් පමණ නිරෝධායනය ක්‍රියාවලියට යොමුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ජනවාරි මස 05 වන දින තෙක් කොළඹින් පිටව යන පුද්ගලයින් සඳහා ස්ථාන 11 ක දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට නියමිතව තිබේ.

 

Related posts

උසස් පෙළ ආරක්ෂාව ට පොලිස් නිලධාරීන් 1,625 ක්

Mohamed Dilsad

කැසිනෝ ක්‍රීඩාවේ නිරතව සිටි චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

අමෙරිකාවට යන්න අවස්ථාව මෙන්න

Mohamed Dilsad

Leave a Comment