දේශීය

අදත් ප්‍රදේශ රැසකට වැසි

(UTV |කොළඹ) – අද දිනයේත් ප්‍රදේශ රැසකට වසිඅ ති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද,මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Related posts

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

Mohamed Dilsad

ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Mohamed Dilsad

රුපියල නැගිටියි

Mohamed Dilsad

Leave a Comment