දේශීය

බස්නාහිර පාසැල් ආරම්භය පිළිබඳ ගත් තීරණය

(UTV | කොළඹ) – රටේ පවතින තත්ත්වය තුළ බස්නාහිර පළාතේ පාසල් ජනවාරි මස 11 වනදා විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ජනවාරි මස 11 වනදා ආරම්භ කෙරෙන පාසල් සඳහා සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් සකස්කිරීම සම්බන්ධයෙන් අද (31) දිනයේදී පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වෙන බවය.

 

 

Related posts

වර්ජනයට සහාය දීම ගැන වෛද්‍යවරුන්ගේ තීරණය අද

Mohamed Dilsad

බස් රථ සහ දුම්රියවල විෂබීජ හරණයට වැඩපිළිවෙලක්

Mohamed Dilsad

කොවිඩ් ආසාදිතයින් ගණන 4523ක්

Mohamed Dilsad

Leave a Comment