ව්‍යාපාරික

රුපියල ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකුව පවසයි

(UTV | කොළඹ) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වනවිට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය සතියේදී ඩොලරයේ විකුණුම් අගය රුපියල් 194 සීමාව ද ඉක්මවා ගොස් තිබුණි.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 189 යි ශත 80 ක් ලෙස දැක්වුණු අතර ගැණුම් මිළ සටහන්වූයේ රුපියල් 184 යි ශත 98 ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 2.6 % කින් අවප්‍රමාණය වී ඇත.

 

 

 

Related posts

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළට

Mohamed Dilsad

ගම්මිරිස් වගාව නගාසිටුවීමට රජයෙන් ආධාර

Mohamed Dilsad

ජාතියට පෝෂණය සපයන ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදනවල සුරක්‍ෂිතභාවය, උසස් ප‍්‍රමිතිය සහ පෝෂණගුණය තහවුරු කරයි

Mohamed Dilsad

Leave a Comment