දේශීය

ස්පුට්නික් 05 එන්නත ගැන රුසියාව සහ ලංකාව අතර සාකච්ඡාවක්

(UTV| කොළඹ) – කොවිඩ් මර්දනය සදහා රුසියාව නිපදවන ලද ස්පුට්නික් 5 එන්නත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රුසියානු බළධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම රැස්වීම පවත්වා ඇත්තේ මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ එරට වසංගත රෝග හා ක්ෂුද්‍ර ජීව විද්‍යා පිළිබඳ පර්යේෂණ ආයතනයන් අතර අන්තර්ජාලය හරහායි.

එන්නතේ කාර්යක්ෂමතාව 91.4 % කට වඩා ඉහළ බව තහවුරු කොට ඇති බව මෙහිදී රුසියානු බළධාරීන් දැනුම් දී ඇත.

සායනික අත්හදා බැලීමේ අවසාන විශ්ලේෂණය මත පදනම්ව, ඒ බව තහවුරු කර ගෙන ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

ස්පුට්නික් 05 එන්නත නිෂ්පාදනය සඳහා භාවිත කරන තාක්ෂණය, එහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව, සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල සහ අනුමත කිරීම්වල තත්ත්වය පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබේ.

මෙහිදී අවශ්‍ය සියලු විද්‍යාත්මක දත්ත ශ්‍රී ලංකාව සමග හුවමාරු කරගැනීමට සූදානම් බවත් වැඩිදුර සාකච්ඡා මාලාවක් පැවැත්වීමට සූදානම් බවත් රුසියානු පාර්ශ්වය සහතිකවී ඇත.

 

 

 

Related posts

මින් ඉදිරියට ආණ්ඩුවට සහය නැහැ – යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්

Editor O

ජනපතිගෙන් උපධිදාරීන්ට යළිත් පොරොන්දු

Mohamed Dilsad

පාසැල් ආරම්භ කිරීමේ තීරණය සෞඛ්‍ය බලධාරීන් සතුයි

Mohamed Dilsad

Leave a Comment