දේශීය

යුක්‍රේන සංචාරකයින්ගේ සංචාර හදිස්සියේ අවලංගු කෙරේ

(UTV| පොළොන්නරුව) – යුක්‍රේන සංචාරකයින්ගේ සීගිරි හා පොළොන්නරු සංචාර අවලංගු කර තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින් පිරිස අද (04) හා හෙට (05) පොළොන්නරුව සහ සීගිරිය ආශ්‍රිත ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල ඊයේ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේය.

ඒ හේතුවෙන් අද දහවල් 1.00 සිට පොළොන්නරුවේ සංචාරක ස්ථාන 4 ක් හා හෙට (05) දහවල් 12.00 දක්වා සීගිරිය සංචාරක කලාපය දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල මීට පෙර දැනුම් දී තිබුණි.

 

Related posts

වතු කම්කරුවන්ට නොමිලේ ආහාර මල්ලක් බෙදා දීමට පියවර

Mohamed Dilsad

පොලීසියේ ලොකු පුටු කිහිපයක හදිසියේ තැන් මාරුවෙයි

Mohamed Dilsad

තංගල්ල රෝහලේ රෝගියෙක් එන්නතක් ලබාදීමෙන් පසු ජීවිතක්ෂයට

Editor O

Leave a Comment