දේශීය

මගීන්ගේ ආරක්‍ෂාවට දුම්රිය ගමන් වාර ගණන තවත් වැඩි කෙරේ

(UTV |කොළඹ) – දුම්රිය මගී සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් දුම්රිය ගමන් වාර වැඩි කිරීමට පියවර ගැනේ.

කොවියිඩ්-19 සෞඛ්‍යාරක්ෂක සංචාරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගී සංඛ්‍යාව වැඩිවීම සහ එම මගී ජනතාවට සෞඛ්‍යා රක්ෂිතව ගමන් කිරීම සදහා දැනට අත්හිටුවා ඇති දුම්රිය ගමන් වාර පහත පරිදි නැවත ධාවනයට එක් කර ඇත.

මේ අනුව 2021 01 07 වන දින සිට

01 අංක 1184 /1591  කොළඹ කොටුව /පොල්ගහවෙල/කොළඹ කොටුව මන්දගාමී දුම්රිය

02 අංක 1141/1552  කොළඹ කොටුව/රඹුක්කන/කොළඹ කොටුව මන්දගාමී දුම්රිය

03.අංක 8056  ගාලු කුමාරි දුම්රිය – මරදාන/බෙලිඅත්ත

04.අංක 8773 මරදාන /දකුණු කළුතර කාර්යාල දුම්රිය

05.අංක 8766  මරදාන /බෙලිඅත්ත

06. අංක 3411/3820  කොළඹ කොටුව/ පුත්තලම /කොළඹ කොටුව මිශ්‍ර දුම්රිය
07. අංක 4458  කොළඹ කොටුව අනුරාධපුර පාර්සල් ප්‍රවාහන දුම්රිය

2021 01 08 වන දින සිට
01.අංක 8057 ගාලු කුමාරි දුම්රිය බෙලිඅත්ත කොළඹ කොටුව
02. අංක 8057 රුහුණු කුමාරි දුම්රිය මාතර මරදාන
03. අංක 8302 අළුත්ගම මරදාන කාර්යාල දුම්රිය
04. අංක 8311 ගාල්ල මරදාන සීඝ්‍රගාමී දුම්රිය
05. අංක 4872 අනුරාධපුරය කොළඹ කොටුව පාර්සල් ප්‍රවාහන දුම්රිය

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර පැවසුවේ මේ සමඟම පාර්සල් ප්‍රවාහන කටයුතු ආරම්භ කරන බවයි.

 

Related posts

වාහන ආනයනය ගැන තීරණය අගෝස්තු මාසයේදී 

Editor O

මෙවරත් විසඳුමක් නැතිනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග

Mohamed Dilsad

ඡන්දෙ ට මුදල් දීම අසීරු බව දැනුම්දෙයි

Mohamed Dilsad

Leave a Comment