විදෙස්

කොරෝනා මූලාරම්භය සෙවීමට පැමිණි WHO නියෝජිතයන්ට චීනයේ දොර වැසේ

(UTV| චීනය) – කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීමේ අරමුණින් චීනයට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන්ට එරටට ඇතුලුවීම අත්හිටුවා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ වීසා බලපත් සම්බන්ධ ගැටලුවක් ඊට හේතුවී ඇති බවයි.

වෛරසයේ මූලාරම්භය සෙවීම සඳහා පැමිණීමට කල ඉල්ලීමට චීනය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එකගතාවය පළකලේද මාස ගණනක් පුරා පැවති සාකච්ඡාවල ප්‍රථිඵලයක් ලෙසයි.

වෛරසය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු වසන් කල බවට පාර්ශව ගණනාවක් චීනයට චෝදනා කරයි.

 

Related posts

කිම් ජොං අන් තවදුරටත් සාම සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට නවසීලන්ත දොරටු වැසේ

Mohamed Dilsad

Leave a Comment