දේශීය

පුද්ගලික අංශයේ සේවකයින් ඉවත්වීමේදී ගෙවිය යුතු උපරිම වන්දිය ලක්ෂ 25 දක්වා ඉහළට

(UTV | කොළඹ) – සේවය අවසන් කර ඉවත් වීමේදී සේවකයාට ගෙවිය යුතු වන්දි මුදලේ උපරිම සීමාව සංශෝධනය කර ඇත.   

ඒ අනුව රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක් ලෙස සීමා පණවා තිබූ උපරිම මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩිකිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.

මේ වනවිට, 2003 අංක 12 දරන පනතින් සංශෝධනය කර ඇති 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේදී සහන ලබාදීම සඳහා භාවිත කෙරේ.

කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේදී ඔවුන්ට ගෙවිය යුතු වන්දි මුදල තීරණයකිරීම සඳහා එම පනතේ සූත්‍රයක් හඳුන්වා දී ඇත.

“එම සූත්‍රයට අනුව ගණන් බලනු ලබන වන්දි මුදල රුපියල් 1,250,000 කට වඩා නොවැඩි වියයුතු බවට වන විධිවිධානයක් ද එකී රෙගුලාසිවලට ඇතුළත්ව ඇති බැවින්, අසාධාරණ ලෙස කම්කරුවන් සේවයෙන් ඉවත් කිරීමේදී සහ ආයතන වසාදැමීම හේතුවෙන් රැකියාව අහිමිවීමේදී ඉහළ මාසික වැටුප් ලබන සේවකයින්ට හිමිවන වන්දි මුදල අඩු මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇත,” යනුවෙන් කැබිනට් මණ්ඩල යෝජනාවේ දැක්වේ.

එම කරුණු සැලකිල්ලට ගනිමින් ගෙවිය හැකි උපරිම වන්දි මුදලේ සීමාව රුපියල් 1,250,000 සිට රුපියල් 2,500,000 දක්වා ඉහළ දැමීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීමකදී සහ ආයතන වසා දැමීම හේතුවෙන් රැකියා අහිමි වීමේදී ඉහළ මාසික වැටුප් ලබන සේවකයින්ට ලැබෙන වන්දි මුදල අඩු මට්ටමක පැවතීම අවධානයට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

 

 

Related posts

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික සෙබළුන්

Mohamed Dilsad

වන්දි ඉල්ලා රිෂාඩ්ගේ නිතිඥයින් නඩු මගට

Mohamed Dilsad

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් 12ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment