විදෙස්

ජනපති ට්‍රම්ප්ගේ යූ ටියුබ් නාලිකාවත් අත්හිටුවයි

(UTV |ඇමෙරිකාව) – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යූටියුබ් නාලිකාව අත්හිටුවීමට ඇල්ෆබට් සමාගම පියවර ගෙන තිබේ.

ඊට හේතුවී ඇත්තේ එම යූටියුබ් නාලිකාවෙන් ප්‍රචණ්ඩත්වය ඇති කරනු ඇතැයි යන අවදානම සලකා බලමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවීමෙන් අනතුරුව ඊයේ (12) ට්‍රම්ප් මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එය ඔහුගේ යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කර තිබුණි.

එබැවින් යූටියුබ් සමාගම මෙම පියවර ගෙන ඇත.

යූටියුබ් වීඩියෝ බෙදාහැරෙන සමාජ මාධ්‍ය අයත් Google සමාගමේ මවු සමාගම වන්නේ Alphabet සමාගමයි.

ට්‍රම්ප් සහායකයන් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පසු ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ම ඒවායේ තිබෙන ජනාධිපති ට්‍රම්ප්ගේ ගිණුම් අවහිර කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් මේ වන විට ට්‍රම්ප්ගේ යූටියුබ් නාලිකාවෙන් වීඩියෝ සජිවීව විකාශය කිරීම සහ නව විඩියෝ ඊට ඇතුළත් කිරීම දින 7කට අත්හිටුවා තිබේ.

එසේම තිබෙන වීඩියෝවලට අදහස් පල කිරීම ද අත්හිටුවා ඇති බව වාර්තා වේ.

Related posts

ට්‍රම්ප්ට එරෙහිව අත්සන් මිලියනයක්

Mohamed Dilsad

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව අතර විරසකයක්ද?(වීඩියෝ)

Mohamed Dilsad

කොරෝනා මැඩලීමට මෙල්බර්න් නුවරට හමුදා භට කණ්ඩායම් අනුයුක්ත කරයි

Mohamed Dilsad

Leave a Comment