දේශීය

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති අතින් විවෘත වෙයි [PHOTOS]

(UTV | හොරණ) – අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව ලෙස සැලකෙන රැපිඩ් ටයර් කර්මාන්තශාලාව හොරණ, වගවත්ත, අපනයන සැකසුම් කලාපයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සුභ මොහොතින් විවෘත කරනු ලැබීය.

අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ආයෝජනයෙන් අක්කර 155 ක භූමි ප්‍රදේශයක පැතිරී ඇති කර්මාන්තශාලාවේ පළමු අදියරේ නිෂ්පාදනයන්ගෙන් 80%ක ප්‍රමාණයක් අපනයනය කෙරෙනවා.

ඉතාලියේ ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන ‘ෆෙරෙන්ටිනෝ“ටයරය මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතයි.

රැපිඩ් ටයර් කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමඟ මෙරට රබර් කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා ගැනීමේ
අවස්ථාව ද හිමිවනු ඇති.

කුඩා මෝටර් රථවල සිට අති දැවැන්ත බරවාහන දක්වා වන සියලු කාණ්ඩයේ ටයර් මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතයි.

ඉදිරියේදී මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළටත් නිකුත් කිරීමට මෙම ආයෝජකයින් බලාපොරොත්තු වෙයි.

 

No photo description available.

Image may contain: basketball court and indoor

 

Related posts

කොරෝනා වෛරසයට 563 ක් ගොදුරුවෙයි

Mohamed Dilsad

ත්‍රී රෝද රථ ගාස්තු පහළට

Mohamed Dilsad

මහනුවර පවතින දැඩි වාහන තදබදයට පිළියමක්

Mohamed Dilsad

Leave a Comment