ව්‍යාපාරික

වගා නොකළ ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදා ගැනීමේ නව ව්‍යාපෘතියක්

(UTV | කොළඹ) – රාජ්‍ය වැවිලි සංස්ථාව සතු දැනට වගා නොකළ ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදා ගැනීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

එහි සභාපති ශ්‍රීමාල් විජේසේකර මහතා සඳහන් කළේ ඒ අනුව තේ, කිතුල් සහ එනසාල් වගාව ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

නිසි කළමනාකරණයක් නොමැතිව ඉඩම් අතහැර දැමීම හේතුවෙන් රාජ්‍ය වැවිලි සංස්ථාව පසුගිය කාලයේ විශාල පාඩුවක් දැරූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

දැනට වැවිලි සංස්ථාව සතුව ඇති වතු සංඛ්‍යාව 18 ක් වන අතර එහි විශාලත්වය හෙක්ටයාර් 10,000 කට අධික බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

 

Related posts

විපක්ෂ නායකගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිවාස හා දේපළ බද්දෙන් සාමාන්‍ය මාධ්‍යම පංතිය නිදහස්

Editor O

සිමෙන්ති ආනයනයට පනවා ඇති බද්ද අඩු කරයි.

Editor O

මහජන බැංකුවට නව කළමනාකරුවකු පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment