දේශීය

විදෙස් ගත ශ්‍රමිකයින් නිරෝධයනයේදී අයකරන හෝටල් ගාස්තු අඩු කරන්න සුදානම්

(UTV |කොළඹ) – මෙරටට ගෙන්වන විදෙස් ගත ශ්‍රමිකයින් නිරෝධායනයට යොමු කිරීමේදී අය කරන ගාස්තුව ඉදිරි සති දෙක තුළ අඩු කිරීමක් සිදු කෙරෙන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමවේද 2ක් යටතේ ලංකාවට ගෙන එනු ලබයි.

ඉන් එක් ක්‍රමයක් නම් රජයේ මැදිහත්වීමෙන් සූදානම් කළ ගුවන්යානා මගින් දිනකට එක් අවස්තාව බැගින් ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමය.

ඒවගේම විවිධ රටවල්වලින් විවිධ ගුවන්යානා සමාගම්වලින් ගුවන් යානා ලංකාවට පැමිණෙයි.

ඒ පැමිණෙන ගුවන්යානාවලත් ශ්‍රී ලාංකිකයන් 75කට ආසන්න සංඛ්‍යාවක් රැගෙන ඒමට අපි අවසර ලබා දී ඇති බව යුධ හමුදාපතිවරයා පැවසීය.

එලෙස රැගෙන එනු ලබන්නේ හෝටල්වල නිරෝධායනය වීමට එකඟ වූ පිරිසය.

මෙහිදී 300ක් විතර රැගෙන ඒමට හැකි ගුවන් යානයක 50ක් 75 අතර පිරිසක් ගෙන එන නිසා ටිකට් පත වැඩි ගණනක් ගෙවීමට සිදුව තිබේ.

නමුත් “අපි පැහැදිළිව දැනුම්දීලා තියෙනවා අපේ ජනතාවට මේක කරන්න එපා කියලා” යැයි හමුදාපතිවරයා පැවසීය.

“තරු 4 සහ කරු 5 හෝටල්වලට දිනකට අය කිරීම රුපියල් 7,500ක් 12,500ක් බව සඳහන් කර තිබුණද පසුකාලීනව අනෙක් හෝටලුත් ඉල්ලුවා නිරෝධායනය කිරීමට.ඊයේ දිනයේ අපිට හෝටල් හිමියන් ඔවුන්ගේ අය කරන ගණන් දී තිබෙනවා.මෙහිදී තරු 5, තරු 4, තරු 3 සහ ඊට පල්ලෙහා හෝටල්වල. අපි කළ සාකච්ඡා අනුව හෙට හෝ අනිද්දා අය කරන ගාස්තු අඩු කිරීමක් ලැබෙනු ඇති බව අපේක්‍ෂා කරන බව හමුදාපතිවරයා පැවසීය.

Related posts

විදෙස් ගමන් බලපත්‍ර ගැන පාඨලීගෙන් ප්‍රකාශයක්

Editor O

කොළඹට අඩු පීඩනය යටතේ ජලය

Mohamed Dilsad

කොළඹ තවත් ප්‍රදේශයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

Leave a Comment