දේශීය

ශානි අද පාස්කු කොමිසම හමුවට

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා පත්කල ජනාධිපති කොමිසම රැස්වන අවසන් දිනය අදයි.

අද දිනයේ ශානි අබේසේකර මහතා සහ මාධ්‍යයට විවෘත නොවන සාක්ෂිකරුවන් දෙදෙනෙක් කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතව ඇත.

කොවිඩ් වෛරසය වැළදීම හේතුවෙන් ශානි අබේසේකර මහතාට මීට පෙර දිනවලදී කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නොහැකිවූ නිසා ඔහු කොමිසම හමුවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වෙයි.

එමෙන්ම මෙම මස 31 වනදායින් පසු පාස්කු කොමිසමේ කාලය අවසන් වීමට නියමිතය.

 

Related posts

ලබන සඳුදා සිට මාසික ඖෂධ තැපැල් මගින් බෙදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

යුද හමුදාවේ විශාල පිරිසකට උසස්වීම්

Mohamed Dilsad

ආර්ථික මධ්‍යස්ථාන වෙත ගමන් කරන වාහන සඳහා අද රාත්‍රියේ සිට අවසර

Mohamed Dilsad

Leave a Comment