ව්‍යාපාරික

Made in Sri Lanka පළමු ගෑස් උදුන ළඟදීම දේශීය වෙළඳපොළට

(UTV | කොළඹ) – ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත පළමු ගෑස් උදුන කඩිනමින් දේශීය වෙළඳපොළට හඳුන්වාදීමට අතුරුගිරිය, ඔරුවල පිහිටි ඔක්ටාන් පෞද්ගලික සමාගම සූදානම්ව සිටියි.

ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂ්මන් විතානච්චි සහ එහි නිෂ්පාදන කළමනාකරු තිලක් ගුණරත්න යන මහත්වරුන් සිය නව නිෂ්පාදන සාම්පල රැගෙන කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවීමෙන් අනතුරුව අමාත්‍යවරයා පවසා සිටියේ මෙම නිෂ්පාදනය තවදුරටත් වැඩිදියුණු කර, කඩිනමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය ලබාදීමට තමන් සූදානම් බව ය.

 

Related posts

රුපියලේ අගය පහත වැටිමක්

Mohamed Dilsad

චීනයේ “කුන්මින්” නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා වෙළඳ කුටියක්

Mohamed Dilsad

වසර 50 කට පසු කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය සේවය

Mohamed Dilsad

Leave a Comment