විදෙස්

ගුවන් යානා අනතුරකින් බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

(UTV | බ්‍රසීලය) – බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ සිදුවු ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

කුඩා ගුවන් යානයක් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති අතර බ්‍රසීලයේ පැල්මාස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයින් සිව්දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම අනතුරෙන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ යානයේ නියමුවා ද ජීවිතක්ෂයට පත්ව ඇති බව එම වාර්තාවල සඳහන්.

මෙම ක්‍රීඩකයින් තරඟාවලියක් සඳහා ගොස් ඇති අතර එහිදි සිදුකළ කොවිඩ් පරීක්ෂාවේදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් යළි පැමිණෙමින් සිටින අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇත.

 

 

Related posts

රුසියාව යුක්රේනයේ යුධ මෙහෙයුමක් ඇරඹේ

Mohamed Dilsad

පිලිප් කුමරු නිසා බ්‍රිතාන්‍යයම නිහඬ වෙයි

Mohamed Dilsad

මියන්මාරයේ විරෝධතා අතරතුර තවත් 38 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment