දේශීය

පානදුර වෙඩි තැබීමේ සැකකරුවන් සොයා STF ඇතුළු පොලිස් කණ්ඩායම් 5 ක්

(UTV | කළුතර) – ඊයේ (25) පෙරවරුවේ පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05 ක් විමර්ශන ආරම්භ කර ඇත.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ටී – 56 ගිනි අවියක් උපයෝගි කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති අතර වෙඩි වැදී මියගිය පුද්ගලයාගේ හිසට හානි වී ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථයක ගමන්ගත් පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස ඝාතනය කර තිබුණි.

මියගිය 32 හැවිරිදි පුද්ගලයා ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයෙකු වන අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

 

Related posts

සමන් පෙරේරා රිමාන්ඩ්

Mohamed Dilsad

මුදල් වංචා සිදුකළ හොර දොස්තර අත්අඩංගුවට

Mohamed Dilsad

සම්බන්ධන් සහ දිගම්බරන්ට පාර්ලිමේන්තුව මාස 3 ක නිවාඩු අනුමත කරයි

Mohamed Dilsad

Leave a Comment