දේශීය

කොවිඩ් දේහ ආදාහනය අත්හිටුවන්නැයි ජගත් සංවිධානයෙන් ලංකාවට දැනුම් දීමක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කරලීමේ පිලිවෙත ශ්‍රී ලංකාව විසින් අත්හළ යුතු බව ජගත් සංවිධානය අවධාරණය කර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම තීරණය හේතුවෙන් මෙරට වෙසෙන මුස්ලිම් ආගමිකයන් ඇතුලු සුලු ජාතීන්ගේ අයීතීන් උල්ලංඝණය වන බවයි.

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීම හරහා වෛරස ව්‍යාප්තියක් සිදුවන බවට ශ්‍රි ලංකාව හෝ වෙනත් කිසිදු රටක් මේ වනතෙක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

එමනිසා වෛරසය ආසාධනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ මෘත ශරීර අනිවාර්යයෙන් ආදාහනය කිරීම නතර කරන ලෙස ජගත් මානව හිම්කම් සංවිධානය ශ්‍රී ලංකාවට අවධාරණය කර තිබේ.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් මහජන සෞඛ්‍යයට එල්ල වී ඇති බරපතල තර්ජනය පිළිබඳ අවධානයෙන් පසුවන අතර, මියගිය පුද්ගලයින්ගේ මෙන්ම ඔවුන්ගේ සංස්කෘතික සහ ආගමික සම්ප්‍රදායන් හෝ විශ්වාසයන්වලට ගරු කිරීමට පියවර ගත යුතු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ජින්තුපිටියේ ආසාදිතයා ඇසුරුකල 143 දෙනෙක් නිරෝධායනයට

Mohamed Dilsad

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

කොරෝනා ආසාදනය සීමා කිරීමට දුම් ඇල්ලීම පිළිබඳ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment