දේශීය

කොවිඩ් එන්නත බෙදාහැරීම එළඹෙන සිකුරාදා සිට

(UTV | කොළඹ) – ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන කොවිඩ් එන්නත හෙට (28) පෙරවරු 11.00 ට ලංකාවට ලැබෙන අතර, අනිද්දා (29) සිට එන්නත්කරණය අරඹන බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා වන කාර්යයසාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (27) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් වසංගතයට එරෙහි එන්නත සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරමින්.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ 250,000 කට එන්නත් 500,000 ක් ලබාදීමට නියමිතයි.

එන්නත ලබාදීමේදී ප්‍රමුඛතා කණ්ඩායම් පිළිබදව විශේෂ අවධානය ලබාදෙනු ලබන අතර, මෙහිදී ප්‍රධාන කොට්ඨාශ තුනක් පිළිබදව අවදානය යොමු කෙරෙනු ඇත.

එහිදී පළමු පෙළ වශයෙන් කොවිඩ් මර්දනය සදහා ඉදිරියෙන් සිටින සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සැලකෙන අතර 150,000 ක පමණ පිරිසක් ඒ යටතේ ඇත.

දෙවන පෙළ වශයෙන් ගැනෙනුයේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ආරක්ෂක අංශ වල සිටින 115,000 – 120,000 ක පමණ පිරිසකි. මේ යටතට ගුවන් තොටුපොල වල සේවය කරන පිරිස්ද හදුනාගෙන ඇත.

තෙවනුව ලක්ෂ 34 ක් පමණ වන වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සැලකෙන අතර මෙහිදී නිධන්ගත රෝග වලින් පෙළෙන්නන් හට යම් ප්‍රමුඛතාවයක් හිමිවෙයි.

මේ අතර, ශ්‍රී ලංකාවට එන්නත් ලබාදීමට චීනය ද එකඟ වී ඇති බවත්, එන්නත් ලබා ගත හැකි ක්‍රම පිළිබඳව මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවත් ලලිත් වීරතුංග මහතා පැවසීය.

 

Related posts

STF නිලධාරීන් විසින් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

මෙරට කොවිඩ් – 19 නිල වෙබ් අඩවිය එළිදකී

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පස්දෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment