දේශීය

මෙරට ප්‍රථම කොරෝනා එන්නත්කරණය ඇරඹෙයි [PHOTOS]

(UTV | කොළඹ) – නාරාහේන්පිට හමුදා රෝහලේදී ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදෙමින් මෙරට කොරෝනා එන්නත්කරණය ආරම්භ කරනු ලැබීය.

එහිදී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට පළමුව එන්නත ලබාදීමට පියවර ගත්තේය.

මේ අතර එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණේ සෞඛ්‍ය බලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටීම විශේෂත්වයකි.

බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ස්ථාන 6 කදී එන්නත්කරණ කටයුතු අද ආරම්භ විය.

ඊයේ (28) දිනයේ මෙරටට ලැබුණ එම එන්නත්, මධ්‍යම එන්නත් ගබඩාව මඟින් බෙදාහැරීම් කටයුතු ඊයේ රාත්‍රියේදීම ආරම්භ කරනු ලැබීය.

 

 

 

 

 

 

 

 

 

,,

Related posts

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ්

Mohamed Dilsad

ඡන්ද හිමියෙකු වෙනුවෙන් අපේක්ෂකයෙක්ට වියදම් කළ හැකි මුදල රු. 109යි.

Editor O

යක්කල ආයුර්වේදය අසළ පාලමේ කොටසක් ගිලා බැසීමේ අවධානමක ; මාර්ගය වසා දමයි..!

Editor O

Leave a Comment