දේශීය

බස්නාහිර පාසැල්වල සෙසු ශ්‍රේණි ආරම්භ කිරීමේ සූදානමක්

(UTV | කොළඹ) – අදියරෙන් අදියර බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීම පිළිබඳව සති අන්තයේ තීරණයකට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පවත්වා විවෘත කළ හැකි අනෙකුත් ශ්‍රේණි පිළිබඳව තීරණයක් ගන්නා ලෙස මේ වනවිට දැනුම් දී ඇත.

මේ වනවිට බස්නාහිර පළාතේ පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන්නේ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණයි.

ඒ අනුව, පෙබරවාරි 15 ට පෙර ආරම්භ කළ හැකි බස්නාහිර පාසල්වල අනෙකුත් ශ්‍රේණි පිළිබඳව කඩිනම් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි.

 

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිතට කොවිඩ්

Mohamed Dilsad

මෙරට තුළ සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක්

Mohamed Dilsad

මැතිවරණ දිනයේ නීති විරෝධී ක්‍රියා වාර්තා කරන්න විශේෂ දුරකථන අංක

Editor O

Leave a Comment