දේශීය

මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි රංජන් ගෙන් රිට් පෙත්සමක්

(UTV| කොළඹ) – බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා අභියාචනාධිකරණය හමුවේ අද (02) රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඔහු එම පෙත්සම ගොනු කර ඇත්තේ, තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රංජන් රාමණායක මේ වන විට සිව්වසරක සිර දඬුවමකට ලක්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටියි.

 

Related posts

අද රාත්‍රී 8 න් පසුව යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

කොරෝනා පරීක්ෂණ උපකරණවල මිල ඉහළ යෑමක් ද?

Mohamed Dilsad

අද සිට කොටස් වෙළඳපළ ගණුදෙනු සිදුවෙන ආකාරය

Mohamed Dilsad

Leave a Comment