ක්‍රීඩා

උසස් දස්කම් ප්‍රවර්ධන සංචිතයේ ක්‍රීඩකයකුට 30,000 ක දීමනාවක්

(UTV | කොළඹ) – වසර 2022 දී ආසියානු ක්‍රීඩා හා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පදක්කම් අපේක්ෂාවෙන් ඉහළ කාර්යසාධන කමිටුව ස්ථාපිත කළ ඉහළ දක්ෂතා පුහුණු සංචිතයට ඇතුළත් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මාසිකව රුපියල් ලක්ෂයක් බැගින් වියදම් දැරීමට කටයුතු කරයි.

එහිදී සංචිතගත ක්‍රීඩකයෙක් වෙනුවෙන් මාසිකව රුපියල් 30000 ක් බැගින් දීමනාවක් ලබාදෙන අතර සෙසු වියදම් ඔවුන්ට ඉහළ පහසුකම් ලබාදීමට වෙන්කෙරේ.

මහේල ජයවර්ධන මහතා සහභාගිත්වය දරන ජාතික ක්‍රීඩා සභාවේ සැලැස්මකට අනුව මෙම ඉහළ දක්ෂතා ප්‍රවර්ධන සංචිතය ක්‍රියාත්මක කෙරේ.

එහි ප්‍රධානතම ඉලක්කය වන්නේ වසර 2022 ට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේදී සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාව නියත වශයෙන්ම පදක්කම් කීපයක් දිනාගැනීමය.

එහිදී ක්‍රීඩකයන් තවදුරටත් දිරිගැන්වීම සඳහා ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගන්නා ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් කෝටියක් ද එය පොදුරද මඩුලු ලෝකඩ පදක්කමක් වන්නේ නම් රුපියල් මිලියන පහක් බැගින් ද වන පරිදි තිලිණ කිරීමට කටයුතු කෙරේ.

එකී අන්තර්ජාතික ක්‍රීඩා උළෙලවල දී ශ්‍රී ලාංකිකයෙකුගේ ජයග්‍රහණයක් රන් පදක්කමක් වේ නම් එවිට රුපියල් කෝටි තුනේ සිට ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

 

Related posts

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

රීසා හෙන්ඩ්රික්ස්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක්

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ට තරයේ අවවාද කර නඩුව කල් දමයි

Mohamed Dilsad

Leave a Comment